Friday, July 19, 2019


ජන කවි  


අතීතයේ මිනිසුන් වැඩ කරන අවස්ථාවල වෙහෙස නිවා ගැනීමට ගැනීමට කවි ගායනා කළෝ ය.
 🔸ගොයම් කවි
 🔸පතල් කවි
 🔸පැල් කවි
 🔸පාරු කවි
 🔸කරත්ත කවි
 🔸ධීවර කවි

 🌷 ගොයම් කවි



 ඉර දෙවියන්ගේ ඉරගල ගාවා
 සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා
 ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
 අපිත් කියමු කවි ගොවිපල ගාවා

 🌷 පතල් කවි


ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

 🌷 පැල් කවි


 ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
 දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

 🌷 පාරු කවි


 ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
 අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
 සාදු කාර දී ඔරුවක නැගී වරෙන්

 🌷 කරත්ත කවි


 තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
 කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
 හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

 🌷 ධීවර කවි



හෙළවාලේ හෙළෙයියෝ
 මන්නඩිරාල හෙලෙයියෝ
 පාරුව මුහුදට හෙලෙයියෝ
 තල්ලු කරා පන් හෙලෙයියෝ
 ඕඩි හෙලෙයි ඕඩි හෙලෙයි ....

No comments:

Post a Comment