Thursday, July 25, 2019


 1 ශ්‍රේණිය මව්බස සහ ගණිතය ඇගයීම් 1 

Download




Wednesday, July 24, 2019


නිර්මාණාත්මක වැකි ලිවීමේදී භාවිතා කල හැකි යෙදුම්





Monday, July 22, 2019

Vocabulary


Institute of Western Music & Speech
 Elementary grade




















Friday, July 19, 2019


ජන කවි  


අතීතයේ මිනිසුන් වැඩ කරන අවස්ථාවල වෙහෙස නිවා ගැනීමට ගැනීමට කවි ගායනා කළෝ ය.
 🔸ගොයම් කවි
 🔸පතල් කවි
 🔸පැල් කවි
 🔸පාරු කවි
 🔸කරත්ත කවි
 🔸ධීවර කවි

 🌷 ගොයම් කවි



 ඉර දෙවියන්ගේ ඉරගල ගාවා
 සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා
 ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
 අපිත් කියමු කවි ගොවිපල ගාවා

 🌷 පතල් කවි


ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

 🌷 පැල් කවි


 ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
 දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

 🌷 පාරු කවි


 ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
 අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
 සාදු කාර දී ඔරුවක නැගී වරෙන්

 🌷 කරත්ත කවි


 තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
 කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
 හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

 🌷 ධීවර කවි



හෙළවාලේ හෙළෙයියෝ
 මන්නඩිරාල හෙලෙයියෝ
 පාරුව මුහුදට හෙලෙයියෝ
 තල්ලු කරා පන් හෙලෙයියෝ
 ඕඩි හෙලෙයි ඕඩි හෙලෙයි ....

Thursday, July 11, 2019



"සිරිත් මල්දම" 


සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.
සිංහල සාහිත්‍ය වංශයේ උපදේශ සාහිත්‍ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් උසුලන ග්‍රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින්  "සිරිත් මල්දම" ලියන ලදී..


හොඳ ලෙස හැදීමට

හොඳ සිත ඕන හැමවිට
නරක සිත් ඇතිවිට
නරකමයි සිදුවන්නෙ අපහට

ඔබට පහතින් එම කෘතිය ලබා ගත හැක .
















ABC Coloring Book










Nursery Rhymes  2


3 ශ්‍රේණිය ගණිතය
 මුදල් 



1 ශ්‍රේණිය- දෙමළ භාෂාව